ශ්‍රී දෙව්රම් මහා විහාරය පන්නිපිටිය

කොලොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන් වහන්සේ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ මඩ ගොහොරු වූ වෙල්යායක එක් උස් ස්ථානයක සිට කළ සත්‍යක්‍රියා භාවනාවේ මහිමයෙන් බිහිවූ පින්බිමයි ශ්‍රි දෙව්රම් මහ වෙහෙර. කෝට්ටේ රාජධානිය වූ වත්මන කොළඹ නම් දිශාවේ පන්නිපිටිය නම් ගම්වරයේ මේ විරාජිත වු ශ්‍රී දෙව්රම් මහා විහාරය පිහිටා ඇත්තේය. more..

අති පූජණීය සුමඟුල් හිමි

වර්ෂ 1969ක් වූ සැප්තැම්බර් මස 24 වන දින පූර්නචන්ද්‍ර විජේසිංහ හා සුමනා හෙට්ටිආරච්චි යන දම්පතීන්ට දාව සරත් විජෙසිංහ කුලකුමරුවා මෙලොව උපත ලැබීය. 13 වියැති සරත් විජේසිංහ කුමරුවානන් කොලොන්නාවේ සිරි සුමංගල නමින් පැවිදි බිමට ඇතුල්වූයේ පූජනීය මිරිස්සේ පියදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අචාර්යත්වයෙනි. more..

ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කීරීමේ ව්‍යාපෘතිය

පන්සාළිස් වසක් ලෝකයා වෙනුවෙන් දේශනාකොට වදාලාවූ ශ්‍රි සද්ධර්මය අනාගත පරපුර උදෙසා දෙව්රම් මහ වෙහෙරේදි ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කිරීමේ මහා ශාසනික මෙහෙවරක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. මේ දහම් දිවයින තුල ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීම උදෙසා 2006 වසරේදි මෙම ව්‍යාපෘතිය ඇරඹිනි. more..

මාතෘ දිව්‍ය රාජ මන්දිරය

ලෝකයේ දෙවන මාතෘ දිව්‍යරාජ මන්දිරය පිහිටා ඇත්තේ මේ පුණ්‍ය භූමියේ ය. මාතෘ දිව්‍ය රාජයා යනු තථාගතයන් වහන්සේ මෙළොවට බිහි කළ තථාගතයන්ගේ අම්මා වූ මහාමායා දේවියයි. බෝසත් කුමරු ඉපදී දින සතකින් මිය ගොස් දිව්‍යලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස ලැබූ උපතයි. මව්ගුණය සිහිකොට අපරිමිත මාතෘ ප්‍රේමය සිහිකොට වැඳුම් පිදුම් ලබන මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් කළ දේවාලයක් ඉන්දියාවේ එතුමිය උපන් දෙව්දහ නුවර ඉදිකොට ඇත. more..

Building dedicated to Mathru divya raja

The building dedicated to Mathru Divya Raja is situated in this sacred premises; this being the second building in the world so dedicated. Queen Mahamaya who gave birth to the Bodhisatwa Prince Siddhartha subsequently became Mathru Divya Raja. more..

දෙව්රම් වෙහෙර ඉතිහාසය

ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා රණ විරුවාණන් සිය වාසය සඳහා මිලදී ගත් එවකට පන්නිපිටිය දෙපානම කීනගහ කොටුන්න පාරේ පිහිටි පර්චස් 16යේ ඉඩම, රට දැය සමය වෙනුවෙන් රණබිමේදී එතුමන් දිවි පිදු පසු එම දෙමාපියන් විසින් සුමඟුල් හිමියන් වෙත පුජා කරන ලද්දකි. මුලින් සමාධි අසපුව නමින් ආරමයක් තනාගත් සුමංගල හිමියන් මෙම ඉඩමෙහි පසුව තම ආගමික සාමාජික කටයුතු වල නිරත විය. ඒ සදහා ඉඩකඩ ප්‍රමාණවත් නොවූ හෙයින් මෙම ඉඩමෙහි පස් ගොඩැල්ලක් මත more..

Record the Tripitaka on stones

Sri Saddharma which was orally delivered to the word over a period of 45 years by (by the Lord Buddha) and which constitutes the Tripitaka is being recorded by inscribing on stone slabs at the Devram Maha Vihara for the sake of the future generations as a great service to the Sasana. more..

බුදුමග සංවිධානය

අති පූජනීය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන්වහන්සේ මිරිස්සේ උඩුපිල විහාරස්ථානයෙන් ඇරඹූ බුදුමග සංවිධානය දීපව්‍යාප්තව පවතී. වර්තමානයේ එහි අටදහසකට අධික පිරිසක් විවිධ සේවාවල නිරතව සිටිති. මෙම දීපව්‍යාප්ත බුදුමග සංවිධානය අංශ 8කින් සමන්විතය. පින්කම් සංවිධාන අංශය, රෝහල් සේවා අංශය, ප්‍රකාශන අංශය, සීල සමාදාන අංශය, ශාසනික සේවා අංශය, ත්‍රිපිටක ශිලා ලේඛන අංශය, ත්‍රිපිටක ප්‍රචාරක අංශය, භික්ෂු සේවා අංශය වශයෙන් ක්‍රියාත්මක වෙයි. more..

Pannipitiya Devram Vehera

Pannipitiye Devram Vehera is a unique temple in many ways. The temple grounds are beautified by numerous types of flora, various stupas and other religious buildings, similar to those found in India. A relatively new temple, its foundation was laid in August 1999. more..

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර