සිරි සුමංගල හිමි

Translations
: English 

වර්ෂ 1969 ක් වූ සැප්තැම්බර් මස 24 වන දින පූර්නචන්ද්‍ර විජේසිංහ හා සුමනා හෙට්ටිආරච්චි යන දම්පතීන්ට දාව සරත් විජෙසිංහ නම් කුලකුමරුවා මෙලොව උපත ලැබීය.සංසාරගත පුරුද්දක් නිසාම 1982 ජූලි මස 21 වනදා සාලමුල්ල අනන්දාරාමයේදි එවකට 13 වියැති සරත් විජේසිංහ කුමරුවානන් කොලොන්නාවේ සිරි සුමංගල නමින් පැවිදි බිමට ඇතුලත් වූයේ පූජනීය මිරිස්සේ පියදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අචාර්වයත්වයෙනි. උන්වහන්සේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් හා කොළඹ හුනුපිටිය ගංඟාරාම විහාරස්ථ ශ්‍රී ඥානේෂ්වර පිරිවෙනෙන් ධර්ම ශාස්ත්‍රය හැදෑරූහ.

ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා රණ විරුවාණන් සිය වාසය සඳහා මිලදී ගත් එවකට පන්නිපිටිය දෙපානම කීනගහ කොටුන්න පාරේ පිහිටි පර්චස් 16 යේ ඉඩම රට දැය සමය වෙනුවෙන් රණබිමේදී එතුමන් දිවි පිදු පසු එම දෙමාපියන් විසින් සුමඟුල් හිමියන් වෙත පුජා කරන ලද්දකි.

මුලින් සමාධි අසපුව නමින් ආරමයක් තනාගත් සුමංගල හිමියන් මෙම ඉඩමෙහි පසුව තම ආගමික සාමාජික කටයුතු සදහා ඉඩකඩ ප්‍රමානවත් නුවූ හෙයින් මෙම ඉඩමෙහි පස් ගොඩැල්ලක් මත වාඩිවූ උන්වහන්සේට දෙව්රම් වෙහෙරක් ගැන සිතිවිල්ලක් පහලවිය. ඒ අනුව කල අධිෂ්ඨානයක ප්‍රතිපලයකි මේ අසිරිමත් දෙව්රම් වෙහෙර.

1999 සැප්තැම්බර් 24 වනදා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කළ මොහොතේ සිදු කල අධිෂ්ඨානය සඵල කරවමින් ඉන් වසරක් ගෙවෙන දා එනම් 2000 සැප්තැම්බර් 24 වනදා වන විට සියළු විහාරංග වලින් සමන්විත සිරි දෙව්රම් වෙහෙරෙහි සියළු ඉදි කිරීම් නිමාවී තිබිණි.

සැප්තැම්බර් 21 සිට 27 වන දින දක්වා සිදු කෙරුණු සති මහා පුණ්‍ය මංගල්‍යයකින් අනතුරුව දෙව්රම් මහ වෙහෙර තුණුරුවන් අභියස පූජා කෙරිණි. ඒ මොහොතේ සුමංගල හිමියන් පැවසුවේ මේ මාගේ දක්ෂතාවයක් නොව යහපත් වූ සිතිවිල්ලක ප්‍රතිඵලයකි යන්නයි.

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර