ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කීරීමේ ව්‍යාපෘතිය
Translations : English
පන්සාළිස් වසක් ලෝකයා වෙනුවෙන් දේශනා කොට වදාලා වූ ශ්‍රි සද්ධර්මය අනාගත පරපුර උදෙසා දෙව්රම් මහ වෙහෙරේදි ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කිරීමේ මහා ශාසනික මෙහෙවරක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.
මේ දහම් දිවයින තුල ත්‍රිපිටක ධර්මය නිරුපද්‍රිතව ආරක්ෂා කර ගැනීම උදෙසා ශ්‍රි දෙව්රම් මහ වෙහෙරේදී 2006 වසරේදි ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹිනි.
එහි මුළු ඇස්තමේන්තුව රුපියල් මිලියන 220ක් පමණ වන අතර මෙම ව්‍යාපෘතිය හැකි ඉකමනින් නිම කරන්නට ලෝක බෞද්ධ ජනතාවගේ අධාර බලාපොරොත්තු වෙමු.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන භුමිය තෝර ගැනීම පළමු කාර්යය විය. ඒ සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඉඩම් සොයා ගියද අවසානයේ තීරණය වූයේ දෙව්රම් මහ වෙහෙරට ආසන්න පුරන් වූ කුඹුරු යාය මේ සඳහා වඩාත් සුදුසු බවයි. අක්කර 10 පමණ භූමි ප්‍රමානයක් මේ සඳහා අවශ්‍ය වෙතැයි සැලසුම් කරගත් පසුව එම ඉඩම් හිමියන්ගෙන් ඉඩම් මිලදී ගැනීම කළයුතු විය. ඒ අතර මෙම ව්‍යාපෘතියේ වටිනාකම හදුනාගත් සමහරෙක් තමන්ට අයත් කුඹුරු ප්‍රමාණය බුදු සසුන උදෙසා පූජා කරන්නට තරම් භාග්‍යවන්ත වූහ. ඒ වන විට අක්කර 02 ක පමණ පැතිරී තිබූ දෙව්රම් මහ වෙහෙර මේ ඉඩම් ලබා ගැනීමත් සමග අක්කර 12 දක්වා පුළුල් විය.
දෙවෙන පියවර වූයේ මෙම මිලදී ගත් පුරන් කුඹුරු යාය පස් පුරවා යටිතල පහසුකම් ලබා දී ත්‍රිපිටක ධර්ම ශිලා පුවරු තැන්පත් කෙරෙන ත්‍රිපිටක මන්දිර ඉදි කිරීමට සුදුසු තත්වයට පත් කිරීමයි.අද වන විට සම්පූර්ණ භූමි ප්‍රමාණයේම පස් පුරවා සියළු යටිතල පහසුකම් සපයා ශිලා පුවරු 1100 යම තැන්පත් කිරීමට සුදුසු තත්වයට සකසා ඇත. මෙසේ අවශ්‍ය යටිතල පහසුකම් සපයන අතරම ත්‍රිපිටක ධර්මය ශිලා පුවරු මත සටහන් කිරීමද ආරම්භ විය.
මෙහිදී මේ සඳහා ශිලා පුවරු සකසා ගැනීම සඳහා අවශ්‍ය කළු ගල් පර්වත පිළිබඳව කළ අධ්‍යයනයේදී ශ්‍රි ලංකාව තුලින්ම එම ශිලා පුවරු ලබා ගන්නේ නම් ඊට සුදුසු වන්නේ ලබුගම පිහිටි කලුගල් පර්වතය බව තීරණය විය. එහෙත් එයත් තවම ප්‍රාථමික අවස්ථාවේ වර්ධනය වෙමින් පවතින ශිලා පර්වතයක් බැවින් ඊට වඩා ඝණ කළු ගලක් මේ සඳහා යොදා ගන්නේ නම් එය තවත් වසර 5000 ක් පමණ ශිලා ලේඛන නිරුපද්‍රිතව ආරක්ෂාවීමට හේතුවක් බව තීරණය විය. මේ අනුව අවශ්‍ය වන කළුගල් ඉන්දියාවෙන් ආනයනය කෙරිණි. ඒ අනුව අඩි 08 ක් උස අඩි 03 ක් පළල අඟල් 04 ක් ඝනකමකින් යුතු ඔප දමා නියමිත ආකෘතියට අනුව සකසන ලද ගල් පුවරු 500 ක් පමණ වර්තමානය වන විට ආනයනය කරන්නට සමත් වී සිටී.
මේ ආනයනය කරන ලද ගල් පුවරු මත ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කිරීම ඊලඟ කාර්යයි. ඒ සඳහා 2500 වන බුද්ධ ජයන්තියේදී රේරුකානේ චන්දවිමල මහ නාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි ප්‍රධාන වියත් යතිවරයාණන් වහන්සේලා විසින් සංස්කරණය කරන ලද පාලි ත්‍රිපිටක පොත් වහන්සේලා යොදා ගැනේ.
පළමුව මෙම ත්‍රිපිටක පොත් වහන්සේලා පරිගණක ගත කළ යුතුයි. අද වන විට ශිලා පුවරු 500 ක පමණ සටහන් කිරීම සඳහා අවශ්‍ය ධර්ම කොටස් පරිගණක ගත කර හමාර කර ඇත. මෙසේ පරිගණක ගත කරන ලද ධර්ම කොටස් ශිලා පුවරු මත සටහන් කිරීම නවීන තාක්ෂණයෙන් සිදුවුවත් ඒ සඳහා විශාල කාලයක් ගත කිරීමට සිදුවේ. මෙසේ සටහන් කරන ධර්ම කොටස් 100% ක්ම නිවැරදි විය යුතු නිසා කාලයට වඩා නිවැරදිතාවයට මුල් තැන දිය යුතු වන්නේය.
මෙසේ පරිගණක ගත කරන ධර්ම කොටස් නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විශේෂ ''ස්ටිකර්'' කඩදාසියක් මත පළමුව කපනු ලබයි. පසුව එම කඩදාසිය ශිලා පුවරු මත අලවා සටහන් විය යුතු කොටස් පමණක් ඉවත් කර විශේෂ සංයෝගයක් අධි පීඩනයකින් ඒ මතට විදීමෙන් අනතුරුව අලවන ලද සෙසු ස්ටිකර් කඩදාසිද ඉවත් කර පිරීසිදු කර තැන්පත් කිරීමට සුදුසු තත්වයට පත් කර ගනු ලැබේ. වර්තමානය වන විට මෙසේ තැන්පත් කිරීමට සුදුසු තත්වයට ශිලා පුවරු 100 ක් පමණ සකසා අවසන් කොට තිබේ. මෙතක් කල් යටිතල පහසුකම් හා අවශ්‍ය ආවරණ මන්දිර ඉදිකිරීමට වැඩි කාලයක් හා මුදලක් යෙදවුවද වර්තමානයේ එයින් බොහෝ කොටසක් නිමා කර ඇති බැවින් ඉතාමත් ඉක්මණින් පළමු ශිලා පුවරු 500 තැන්පත් කිරීම අපේ අරමුණයි. ශිලා පුවරු 500 ක් පමණ තැන්පත් කිරීමට අවශ්‍ය මන්දිරය නිමාවී ඇති අතර ත්‍රිපිටක සජ්ඣායනා මන්දිරයේ සියළු වැඩ අවසන් වී තිබේ.මෙම ත්‍රිපිටක සජ්ඣායනා මන්දිරය තුල මහානුභාව සම්පන්න ධම්මචක්ක සුත්‍රය ශිලා ලේඛන ගත කොට තැන්පත් කර තිබේ. උදෑසන දහවල් හා රාත්‍රී හී මෙම මන්දිරය තුල හේ විසි පූජාවන් පවත්වනු ලැබේ.
තවත් නොබෝ දිනකින් දෙව්රම් වෙහෙර ත්‍රිපිටක මළුවෙහි ධර්ම ශිලා පුවරු සිය ගණනක් තැන්පත් වනු ඇත. ඉතා ආසන්නයේදී උදා වන ඒ දිනයේදී මේ සඳහා වූ වෙහෙස මහන්සි වූ සැමට ධර්මය අභියස තමා කළ පූජාව බලා සැනසිය හැකි බව සිහිපත් කරමු.
ලොව්තුරු ශ්‍රි සද්ධර්මය සෙල් ලිපි ගත කිරීමේ උතුම් ශාසනික මෙහෙවර
අනාගත පරපුරට ත්‍රිපිටක ධර්මය නිරුපද්‍රිතව ආරක්ෂා කොට දායද කිරීම උදෙසා අඩි 08ක් උස අඩි 03ක් පළල අඟල් 4ක් ඝණකම ඇති කළුගල් පුවරු මත සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටක ධර්මයම ශිලා ලේඛන ගත කොට තැන්පත් කෙරේ.
ඔබත් දායක වන්න..
ශිලා පුවරුවක දායකත්වය | රු. 300,000 |
ඒක් පැත්තක දායකත්වය | රු. 150,000 |
1/4 කොටසක දායකත්වය | රු. 75,000 |
1/8 කොටසක දායකත්වය | රු. 40,000 |
වර්ග අඩියක දායකත්වය | රු. 7,500 |
ඔබේ සියලු අධාර පහත සඳහන් ගිණුමට බැර කළ හැකිය.
හැටන් නැෂනල් බැංකුව මහරගම ශාඛාව - අංක: 064010204173
ශ්‍රි දෙව්රම් මහ වෙහෙර, දෙපානම, පන්නිපිටිය.
දුරකථන:
+94 (0) 114 306 074
+94 (0) 112 849 337
English Translations
- Siri Sumangala Thripitaka Dhamma Institute
- It is a must to identify the Journey of Samsara
- Madin Maha Perahera Meritorious Activity - 2015
- Meditation must not be a deception
- Sri Lankeshwara Maha Ravana
- Great Renunciation which heal the world
- History of Devramvehera
- Inscribing the Thripitaka on Stone Slabs
- Mathru Divya Mandiraya
- The Budhumaga Assoc.
- Ven.Sumangala Thero
- Pannipitiya Devram Vehera
Articles
-
ත්‍රිපිටක ධර්මායතනයෙන් ගිහි ඔබට අභිනවයෙන් දෙව්රම් වෙහෙර මහා විහාරයේ...
-
සසර ගමන හඳුනා ගත යුතුමය ඉර පායයි, ඉර බැස යයි, දවස ගෙවී යයි. තව දිනක්...
-
සහනය ලබන මග ජීවිතය තේරුම් ගැනීම, ජීවිතය අවබෝධ කර ගැනීම,...
-
මාර බලය පරදවා බුද්ධ බලය දිනවමු සම්මා සම්බුදු උපත ලෝකයට ලැබුනේ අසරණ...
- 1
- 2
- 3
- 4
- 5