මාතෘ දිව්‍ය රාජ මන්දිරය

Translations
: English

ලෝකයේ දෙවන මාතෘ දිව්‍යරාජ මන්දිරය පිහිටා ඇත්තේ මේ පුණ්‍ය භූමියේ ය. මාතෘ දිව්‍ය රාජයා යනු තථාගතයන් වහන්සේ මෙළොවට බිහි කළ තථාගතයන්ගේ අම්මා වූ මහාමායා දේවියයි. බෝසත් කුමරු ඉපදී දින සතකින් මිය ගොස් දිව්‍යලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස ලැබූ උපතයි. මව්ගුණය සිහිකොට අපරිමිත මාතෘ ප්‍රේමය සිහිකොට වැඳුම් පිදුම් ලබන මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් කළ දේවාලයක් ඉන්දියාවේ එතුමිය උපන් දෙව්දහ නුවර ඉදිකොට ඇත. දෙව්රම් විහාරයේ ඉදිකර ඇත්තේ දෙවන දේව මන්දිරයයි.

අප බෝසත් ගුණෝපේත ශ්‍රී සුමංගල අනුනායක හිමියන් අදහස් කරන්නේ වර්ෂ දහස් ගණනක් බෞද්ධ සමාජයේ මෙන්ම හින්දු සමාජය තුළ ද ගෞරව වන්දනාවට පාත්‍ර වූ පත්තිනි දේව මෑණියන් වෙන කෙනෙකු නොව මේ මහාමායා දිව්‍ය රාජිණිය බවයි. ඒ ගැන බොහෝ තොරතුරු සාක්ෂි ඉදිරිපත් වේ. මේ ඒ පිළිබඳ පැවසීමට සුදුසු වේලාව නොවේ.



දඹදිව දෙව්දහ නුවර යනු උන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ භූමියක්. එම භූමියේ පාෂාණයෙන් නිර්මාණය කළ ශිලාමය මාතෘ දිව්‍යරාජ හෙවත් මහා මායා දිව්‍ය රාජිණියගේ ප්‍රතිමාවක් මෙහි තැන්පත් කර ඇත්තේය. එසේම එහි හාත්පස කුටිවල කතරගම
, විෂ්ණු දෙවිවරුන්ගේ ප්‍රතිමා තැම්පත් කර ඇත්තේය. බොහෝ හාස්කම් ඇතැයි සලකන මේ දේව මන්දිරයට දරු උපත් බලාපොරොත්තු වන කාන්තාවන් කුඩා දරුවන්ගේ ලෙඩ දුක් නිවාරණය අපේක්ෂා කරන පින්වතුන් විවිධ පුද පූජා පවත්වන අයුරු අප දැක ඇත. විශේෂ පූජාව සෑම සෙනසුරාදාවකම සවස 6ට පවත්වනු ලැබේ. ඔබ මෙතෙක් ශ්‍රී දෙව්රම් මහා විහාර වන්දනාවෙන් ලැබගත් පින් මහාමායා දිව්‍ය රාජිණීය ඇතුලූ සියලූ පරිවාර දෙවියන්ට ද අනුමෝදන් කොට මේ පින් බිමෙන් පිටවීමට පෙර මේ මහා විහාරයට ශ්‍රද්ධා භක්තිය පෙරටු කරගෙන වන්දනා කරමු.

 

 


Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර