දෙව්රම් වෙහෙරක ආරම්භය

Translations :
English

Click Here For HISTORY Photo Gallery


ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා රණ විරුවාණන් සිය වාසය සඳහා මිලදී ගත් එවකට පන්නිපිටිය දෙපානම කීනගහ කොටුන්න පාරේ පිහිටි පර්චස්
16යේ ඉඩම රට දැය සමය වෙනුවෙන් රණබිමේදී එතුමන් දිවි පිදු පසු එම දෙමාපියන් විසින් සුමඟුල් හිමියන් වෙත පුජා කරන ලද්දකි.

මුලින් සමාධි අසපුව නමින් ආරමයක් තනාගත් සුමංගල හිමියන් මෙම ඉඩමෙහි පසුව තම ආගමික සාමාජික කටයුතු වල නිරත විය. ඒ සදහා ඉඩකඩ ප්‍රමාණවත් නොවූ හෙයින් මෙම ඉඩමෙහි පස් ගොඩැල්ලක් මත වාඩිවු උන්වහන්සේට දෙව්රම් වෙහෙරක් ගැන සිතිවිල්ලක් පහලවිය. ඒ අනුව කල අධිෂ්ඨානයක ප්‍රතිපලයකි මේ අසිරිමත් දෙව්රම් වෙහෙර.

විශාල වශයෙන් බෞද්ධ අබෞද්ධ ජනතාව සුමංගල හිමි වටා එක රොක් වනවාත් සමඟම සමාධි අසපුව කෙසේවත් ප්‍රමානවත් නොවීය. විශේෂයෙන් පැමිනෙණ ජනතාවගේ වාහන නැවත්වීමට ස්ථානයක් නොවූ හෙයින් අසල්වැසි නිවාස ඉදිරිපිට වාහන නතර කිරීම නිසා යම් හිරිහැර සිදුවූ අවස්ථාවන් ද උදා විය. මෙයට පිලිතුර වශයෙන් සමාධි අසපුව ඉදිරිපිට වෙල්යාය මිලදී ගෙන එහි පස් පුරවා වාහන නැවතුම්පලක් ඉදිකිරීම දෙව්රම් වෙහෙරේ මූලාරම්භයයි.

චෛත්‍ය ඉදිකරන්නට, බෝධිය ඉදි කරන්නට, බුදු ගෙය ඉදි කරන්නට කිසිදු ඉල්ලීමකින් තොරව පිරිස ඉදිරිපත් විය. ඒ හේතුව නිසාම ඉතාම කෙටි කලකින් අසිරිමත් දෙව්රම් වෙහෙර ඉදි විය.

විහාරාරංග ඉදිවීම

අවට ඉඩ්ම් වල හිමිකරුවන් වෙත එම වටිනාකම් ගෙවීමෙන් අනතුරුව දෙව්රම් වෙහෙර ඉදි කරන්නට ප්‍රමාණවත් යැයි සිතූ අක්කර 02ක පමණ භූමි භාගය මිලදී ගැනිණි. වර්ෂ 1999 සැප්තැම්බර් 24 වනදා මහා ගොහොරු බිමක දෙව්රම් වෙහෙර වෙනුවෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවිය.

විහාරස්ථානයේ බොහෝ ඉදි කිරීම් සඳහා පිරිස් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් විය. වහ වහා වැඩ ඇරඹූ අතර බුදු මැදුර, බෝධීන් වහන්සේ, චෛත්‍යරාජයාණන් වහන්සේ, බුදුමග ප්‍රධාන මධ්‍යස්ථානය, සිරි පියදස්සී නාහිමි ගුණසමරු උපෝසථාගාරය, අධිෂ්ඨාන බුද්ධ ප්‍රතිමාව ආදි විහාරංග ඉදි වූයේ ඉතා ඉක්මනිනි. විශේෂයෙන් ගොහොරු වූ පුරන් කෙත් යායක අඩි 09ක් පමණ පස් පුරවා සකස් කළ බිමක මෙතරම් සීඝ්‍රයෙන් ඉදි කිරීම් සිදු කිරීම බොහෝ දෙනා මවිත කරවන්නක් විය. මේ කිසිදු ඉදි කිරීමක් සඳහා සැලසුම් ශිල්පීහු, නිර්මාණ ශිල්පීහු, ඉන්ජිනේරු ශිල්පීහු ආදී කිසිවෙක් නොවීය. සියලු ඉදිකීරීම්හි නිර්මාණ කරුවා පූජනීය සුමංගල ස්වමීන්ද්‍රයන් වහන්සේම විය. උන්වහන්සේ සසර ගමන පුරාවට මේ ශිල්ප ඥානයන් රැගෙන අවාදෝ යැයි ඒ දෙස බලන යමෙකුට සිතුනේ නම් එය පුදුමයක් නොවන්නේය.

1999 සැප්තැම්බර් 24 වනදා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කළ මොහොතේ සිදු කල අධිෂ්ඨානය සඵල කරවමින් ඉන් වසරක් ගෙවෙන දා එනම් 2000 සැප්තැම්බර් 24 වනදා වන විට සියළු විහාරංග වලින් සමන්විත සිරි දෙව්රම් වෙහෙරෙහි සියළු ඉදි කිරීම් නිමාවී තිබිණි

සැප්තැම්බර් 21 සිට 27 වන දින දක්වා සිදු කෙරුණු සතී මහා පුණ්‍ය මංගල්‍යයකින් අනතුරුව දෙව් රම් මහ වෙහෙර තුනුරුවන් අභියස පූජා කෙරිණි. ඒ මොහොතේ සුමංගල හිමියන් පැවසුවේ මේ මාගේ දක්ෂතාවයක් නොව යහපත් වූ සිතිවිල්ලක ප්‍රතිඵලයකි යන්නයි.

විවෘත කිරීමේ සති මහා පුණ්‍ය කර්මය සැබෑ අසිරිමත් පුණ්‍ය මංගල්‍යක් විය. දිනෙන් දින එක් එක් විහාරාරංග ක්‍රම ක්‍රමයෙන් විවෘත විය. සුරපුරයක සිරි ගනිමින් 84000 ක් වූ පහන් ආලෝක පූජා සිදු කෙරිණ. ත්‍රෛයිනිකායික මහ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පින්බර සුරතින් සතියක් පුරා දෙවියන් රමණය කරන්නා වූ අසිරිමත් මේ පුද බිම තෙරුවන් ගුණ අභියස පූජා කෙරිණි.

 

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර