සිරි සුමංගල අනු නායක ස්වාමීන් වහන්සේ හතළිස් වස් සපුරන මොහොතේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ මහා නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කල සුභාශිංසන

ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය නිර්මාතෘ ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන මහා නිකායේ අනුනායක විද්‍යා විශාරද ගෞරවාර්හ කොලොන්නාවේ සිරි සුමංගල අනු නායක ස්වාමීන් වහන්සේ හතළිස් වස් සපුරන මොහොතේ සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි සතුටිනි. බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවුඩය ජනතාව අතර පතුරුවමින් බුදු සසුන රැක ගැනීමේ ශාසනික හා සමාජීය කාර්යයට උරදෙමින් කටයුතු කරන උන්වහන්සේ  ශ්‍රී බුද්ධ වර්ෂ 2550 බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන මා විසින් අතිගරු මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් කුල දරුවන් පැවිදි කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව අප නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ දක්වා කුල දරුවන් 500 ක් පැවිදි කිරීම සඳහා ගත් උත්සාහයට මාගේ ගෞරවය උන්වහන්සේට පුද කරමි.  විනය ගරුක සමාජයක් උදෙසා ගුණවත් පුරවැසියන් බිහිකිරීමට නම් මිනිසා භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ද ගොඩ නැගීම සදහා ඔහුට ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද ලබා දිය යුතු බව මැනවින් වටහාගෙන රට පුරා ශීල වැඩ සටහන් ධර්ම දේශනා වැඩසටහන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට හා සාමණේර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කිරීම සඳහා ද අප නාමිහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කරවීම සඳහා සිය බුද්ධිය ශ්‍රමය හා කාලය කැප කරමින් කරනු ලබන මෙහෙය මම බෙහෙවින් අගය කොට සලකමි.  උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බුදුමග සංවිධානය ආරම්භයේ සිට මේ දක්වා ම ජාතික ආගමික සාමාජීය හා අධ්‍යාපනික සේවාවන් රාශියක් සිදු කරනු ලබන අතර ඒ තුළින් උගත් පරිපූර්ණ ගුණවත් පිරිසක් සමාජයට දායාද කරමින් කරනු ලබන මෙහෙය මම කෘතවේදිව සිහිපත් කරමි.   සදාචාර සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් ඇප කැප වී කටයුතු කරන ගෞරවාර්හ කොලොන්නාවේ සිරි සුමංගල අනු නායක ස්වාමීන් වහන්සේට එම කාර්යයන් තවදුරටත් සාර්ථකව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා   යි මම ප්‍රාර්ථනා කරමි.

වෘද්ධපචායනයෙහි නියැලී සුපසන් භික්ෂුවකි - වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

හතළිස් වස් සපුරන කොලොන්නාවේ සිරි සුමංගල මහා ස්ථවිරයන් වහන්සේ වෙත මාගේ සුභාශිංසන පිරිනමනුයේ හද පිරි සොම්නසිනි තුරුණු වියෙහි පසුවන භික්ෂුවක ලෙස ශ්‍රී ලාංකික සමාජය විෂයෙහි ආගමික හා සංස්කෘතික වශයෙන් උන් වහන්සේ වෙතින් ඉටු වන සේවාව ප්‍රශංසනීය. මෑත භාගයේදී ශ්‍රී ලංකික සමාජය තුළ විප්ලවීය ආගමික මෙහෙවරක් සිදුකළ භික්ෂූන් අතර උන්වහන්සේද සුවිශේෂිතය. බොදු දන හදවත් සසුන් කෙත විෂයෙහි ඇද බැඳ තබා ගැනීමට ඇති හැකියාව විශ්මිතය. එසේ හෙයින්ම මුන් වහන්සේට ත්‍රිපිටකය ශිලා ලේඛන ගත කොට තැබීම වැනි කල්පස්ථායි ක්‍රියාවන් සිදු කරලීමේ මහඟු හැකියාව උදාවී ඇත.

නිරහංකාර චාම් සරල අපිස් දිවි පෙවෙතක් ගත කරන අප කොලොන්නාවේ මහා ස්ථවිරයන් මා අතිශය සිත් ගත් තුරුණු භික්ෂුවකි ශ්‍රමණ ආකල්පයන්ගෙන් පරිපෝෂිත ශික්ෂාකාමී සසර භය දක්නා සුළු වෘද්ධපචායනයෙහි නියැලී සුපසන් භික්ෂුවක ලෙස මා හැම කල්හීම උන්වහන්සේ දකිමි.

ඉදිරියටද බොදු දනන් හට අපමණ මෙහෙයක් සිදු කරලීමෙහි හැකියාව ඇති මෙවන් භික්ෂූහු අප සසුනට මහඟු දායාදයකි. මෙවන්නන් ආරක්ෂා කොට ගනිමින් සාසනික ආගමික හා ජාතික මෙහෙයන් කරලීමට අවැසි ශක්තිය ලබා දීම අප නායක දායක කාරකාදීන්ගේ උත්තුංග මෙහෙයකි. මේ අනුව අප කොලොන්නාවේ සිරි සුමංගල නායක ස්ථවිරතුමන්ට තෙරුවන් බෙලෙන් සියලූ ශක්තිය උදවේවායි ප්‍රාර්ථනය කරම්හ!

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර